ඔබ සංචාරයට කැමති කෙනෙක් නම් ඔබේ ළඟ නිතරම තියෙන දේවල් අතරින් දෙකක්යි තමයි දුරකථනය සහGo Pro වැනි action කැමරාව. ඒත් මේ දෙක ම එකක් වෙලා, ඕනම පරිසරයකට – ඒ කියන්නේ වැසි වනාන්තර, මුහුදුබඩ ප්‍රදේශ, කඳු හෙල් ආදී ඕනෑම තැනකට වගේ ම පොළොවේ ගැහුවත් කැඩෙන්නේ නැති දුරකථනයක් පමණක් ඔබට ලැබුණොත් මම හිතන්නේ ඊට වඩා වටිනා දෙයක් ඔබ බලාපොරොත්තු නොවී ඉන්න එකක් නැහැ. ඉතින් ඒ තමයි Kyocera සමාගමේ DuraForce Pro දුරකථනය.
මේ යුද්ධමය ශ්‍රේණියේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ සාම්ප්‍රදායික මෙගා පික්සල 13ක පසුපස කැමරාවක් සහ මෙගා පික්සල 5ක ඉදිරි කැමරාවක් හැරුණා ම තවත් “action කැමරාවක්” ද තිබෙනවා. එයට අංශක 135ක ඉතා පුළුල් දෘෂ්ඨි පරාසයක් ද තිබෙනවා.
මේ action කැමරාවට Full HD 1080p වූ ගුණාත්මක බවකින් යුතු සළරූ ග්‍රහණය කරගන්නට පුළුවන් වගේ ම slow-motion, ක්‍රීඩාමය, timelapse සහ දිය යට ඡායාරූපකරණයට ද ඔට්ටුයි. මේ නිසා Off Road ක්‍රීඩාවලට ප්‍රිය කරන අයටත් කදිමයි.
DuraForce Proහි IP68ක ඇගයුමක් තිබෙන නිසා Samsung Galaxy S7 සහ Note 7 වගේ ම දූවිලි සහ ජලයෙන් ආරක්ෂිත යි. ඔබට කිසි භයක් නැතුව අඟල් 6.5ක ජලයේ විනාඩි 30ක් මේ දුරකථනය තිබෙන්නට හරින්නට පුළුවන්. හැබැයි Samsung දුරකථන මෙන් නොවෙයි, DuraForce Pro යුද්ධමය සම්මතයක් වන 810G සම්මතයට හිමිකම් කියනවා. ඒ කියන්නේ, මෙය අති ප්‍රබල කම්පන, පීඩන සහ උෂ්ණත්වයන්ට ඔරොත්තු දෙනවා.
මේ දුරකථනයේ Android 6.0 Marshmallow ධාවනය වන අතර අඟල් 5ක Full HD තිරයක්, Qualcomm Snapdragon 617 සකසුවක්, 2GBක RAM ධාරිතාවක්, 32GBක අභ්‍යන්තර ධාරිතාවක්, microSD පහසුකම් සහ 3240mAh බැටරියක් Quick Charge 2.0 සමඟ තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, ඇඟිලි සලකුණු සංවේදකයකින් ද සමන්විත යි.
සියළුම ports රබර් කවර වලින් ආවරණය වී තිබෙන අතර මෙහි headphone jack එකක් ද අන්තර්ගත යි.
දුරකථනයේ එක් පසෙක “Push-To-Talk” (PTT) බොත්තමක් ඇති අතර ඒ හරහා අනෙකුත් PTTට සහාය දක්වන දුරකථන හා සබැඳී කථා කරන්න පුළුවන්. නැත්නම්, එය Galaxy S7 Active දුරකථනයේ”Active” යතුර වගේ කිසියම් ඇප් එකක් විවෘත වන ලෙස සකසන්න පුළුවන්.
මේ දුරකථනය තවම වෙළඳපොළට නිකුත් වී නැහැ. ඒ නිසා මිළ ගණන් ගැන සඳහන් කරන්නට අපහසු නමුත් එය ලංකා මුදලින් දල වශයෙන් රු. ලක්ෂය ඉක්මනු ඇතැයි අනුමාන කරන්න පුළුවන්.
Subscribe to our mailing list and get interesting stuff and updates to your email inbox.
thank you for subscribing 🙂
awww something went wrong 🙁
We respect your privacy and take protecting it seriously
X
Thank You
We have email-ed you a confirmation to
ඔබගේ අදහස්
අදහස් කිරීමට පලමු වන්න!