301937_10151591398111203_789594656_n

ජංගම දත්ත වෙලඳපොලට අභිමත වෙනසක් එක් කරමින් ඩයලොග් සහ ගූගල් ආයතන මූලික ගූගල් සේවාවන් තුනක් දත්ත ගාස්තු වලින් නිදහස් කර තිබෙනවා. freezone.dialog.lk  අඩවියේ කියන ආකාරයට, ජීමේල්, ගූගල් ප්ලස් සහ ගූගල් සෙවුම සම්පූර්ණයෙන්ම නොමිලේ. ඔබට කරන්නට තිබෙන්නේ ඔබේ ගූගල් ගිණුමට ලොගින් වීම පමණයි. අන්තර්ජාලය භාවිත කල හැකි බොහෝ ජංගම දුරකථන, වගේම සියලුම ස්මාර්ට් ජංගම දුරකථන වලට මේ සේවාව භාවිත කල හැකියි. 

පොඩ්ඩක් ඉන්න. මේ නිසා ඔබේ දත්ත වියදම් ගොඩක් අඩුවෙයි කියා සිහින දකින්න එපා. පිට ඔපේට එකපාරම රැවටෙන්න එපා. මේ සේවාවන් නොමිලේ ලැබෙන්නේ ඔබ ඔබේ දුරකතනයේ ඩිෆෝල්ට් බ්‍රව්සරය පාවිච්චි කරනවානම් විතරයි. ඔබ බාගත කරගත් ඔබේ ප්‍රියතම බ්‍රව්සරය අතහරින්න සූදානම්නම් විතරයි ඔබට මේ නොමිලේ සේවාව ලැබෙන්නේ. ඒ වගේම ගූගල් සෙවුම නොමිලේ වුනත් ඔබ සෙවුම් ප්‍රතිපල පිටුවකට ගියහොත් සාමාන්‍ය ගාස්තු ගෙවන්න සිදුවෙනවා.

art3
ඔබ ඔබේ රැකියා ආයතනයේ WiFi භාවිතා කරන්නෙක්නම් ඔබට මෙයින් ලොකු වාසියක් නැහැ. ඒ වගේම ලංකාවේ අපි බොහො දෙනෙක් ගූගල් ප්ලස් වලට වඩා ෆේස්බුක් හා ට්විටරය භාවිත කරන නිසා අපේ එදිනෙදා ජීවිතයට මෙය වැඩි වැදගත්කමක් නැහැ.බොහෝ ඇන්ඩ්‍රොයිඩ් පරිශීලකයන් මෙය එතරම් ගණනකට ගන්නේ නැතිවෙයි. ඒ ඩිෆෝල්ට් බ්‍රව්සරය භාවිත කරන්නෙ බොහොම සුලු පිරිසක් නිසා. කෙසේ වුනත් ලංකාවේ විශාල සිම්බියන් පාදක දුරකථන භාවිත කරන්නන් නම් මෙය සාදරයෙන් වැලඳ ගනීවි. මේ සේවාව එතරම් කලබල වෙන්න තරම් දෙයක් නොවුනත්, හදිස්සියට වැඩගත් වෙන්න බැරිත් නෑ.

Dr. Hans Wijayasuriya, Group Chief Executive, Dialog Axiata PLC exchanges the agreement on Free Zone powered by Google with Julian Persaud, Managing Director, Google, Southeast Asia. Also in the picture are Jana Levene, Emerging Market Development, Google and Azwan Khan, Group Chief Operating Officer, Dialog Axiata PLC.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here