in

Share your moment – මොබයිල් ඇප් විචාර තරගය

ඇප් එක ඔබේ නොවෙන්න පුළුවන්. ඒත් ඒ ගැන වර්ණනා  කරන එක ඔබට නතර කරන්න බෑ. මොකද කියනවානම් ඇප් එක ඔබේ ස්මාර්ට් ෆෝන් එකත් එක්ක නැතුවම බැරි වෙලා. සමහර විට ඇප්‍  එක ඔබේ නිර්මාණයක් වෙන්න පුළුවන්. ඔබට අවශ්‍ය ඒක  අනිත් ඒවගෙන් වෙනස් වෙන්නේ කොහොමද කියන එක  කාටත් පෙන්නන්න. අපි හැමෝටම තියෙනවා අපේ ප්‍රියතම ඇප් එකක්. මා ගැන කියනවනම් මගේ ඇප්  එක Any.do

ස්මාර්ට් ෆෝන් අද අපේ ජිවිතේ නැතුවම බැරි අංගයක් වෙලා. ස්මාර්ට් ෆෝන් එකක් මොකද්ද එකත් එක්ක ඇප්  නැත්නම්. ලයිට් ගියාද ?  බය වෙන්න එපා. Flashlight තියෙනවා. ඩෙස්ක්  එක පිරෙන්න Post  It නෝට්ස්ද? Google Keep තියෙනවා.  දුර ඉඳන් ප්‍රොජෙක්ට් ටීම් එක කළමනාකරණය කරන්න ? Asana තියෙන්නේ එකට තමයි.

රාජකාරි, පෞද්ගලික, සෞඛ්‍ය ඉඳන් විනෝදාත්මක දක්වා විවිධ වර්ගයේ ඇප් මිලියන 2 කට වැඩි ගානක් Google Play සහ App Store තියෙනවා. එත් මේවායෙන්  කීයක් අපි දන්නවද ? ඩව්න්ලෝඩ් කරලා තියෙනවද ? කොච්චර වටිනා ඇප්ස් අපේ ඇස් වලින් හැංගිලා තියෙනවා ඇත්ද? අපේ ස්මාර්ට් ෆෝන් එකට මේ වගේ ඇප්ස් පුරවගන්න තියෙනවනම් කොහොමට තියේද?

ඉතින් ඔබේ  ඇප් එක ලෝකෙත් එක්කම බෙදා ගන්න, අනිත් ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරන්නන්ගේ ෆෝන් වලට ඒක කොච්චර වටිනාකමක් එකතු කරනවද කියන එක පහදලා දෙන්න නියම අවස්ථාවක් මෙන්න.  ගන්න ඔබේ වීඩියෝ කැමරාව. සවිකරගන්න වෙබ් කැමරාව.ඔබේ ඇප් එක ඇයි ලෝකෙන් හොඳම ඇප් එක කියන එක පෙන්නන විනාඩි 2  ක වීඩියෝ එකක්.

මේකට  ලැබෙන තෑග්ග මොකද්ද?  ඉන්ටර්නෙට් එකේ ජනප්‍රිය චරිතයක් වෙනවා ඇරෙන්න, Etisalat සහ Readme එකමුතුවෙන් කාණ්ඩ 5 ක් යටතේ ජයග්‍රාහකයෝ 5 දෙනෙක්ට තෑගි ලැබෙනවා.

v3s

හොඳම ඇප් විචාරය – සමස්ත තරගයේ හොදම විචාරය

හොදම දේශීය ඇප්  විචාරය – ශ්‍රී ලාංකික ඇප්

ජනප්‍රියම ඇප් විචාරය – ප්‍රේක්ෂක කැමැත්ත මත

හොඳම Android ඇප් විචාරය –  Google Play වෙතින් ඩව්න්ලෝඩ් කරන ලද ඇප්

හොඳම Apple ඇප් විචාරය –  App  Store  වෙතින් ඩව්න්ලෝඩ් කරන ලද ඇප්

 හොඳම ඇප්  විචාර විනිසුරු මඬුල්ලකිනුත්, ජනප්‍රිය විචාර ප්‍රේක්ෂක කැමැත්ත මතත් තෝරා ගැනේවි. ඒ විතරක් නෙමේ, හොඳ  ස්මාර්ට් ෆෝන් එකක් ගෙදර ගෙන යන්නත් ජයග්‍රාහකයන්ට පුළුවන්. ඇයි ඉතින්  තවත් බලා ඉන්නේ? වීඩියෝ කැමරාවත් එක්ක ඔබේ හැකියාවන් පෙන්නන්න. යන්න මෙතනට.

 

 

Report

What do you think?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GIPHY App Key not set. Please check settings

Newbie

Written by Tharindu

Tantalize 2013 – Get ready for impact!

Logan’s lessons: Leads from LinkedIn